About Us
ලංකාවේ අංක එකේ මැණික් පාඨමාලා පවත්වන
Gemcraft Learning Center (GLC) ආයතනය.

GEMCRAFT LEANING CENTER (GLC)
ශ්‍රී ලංකාවේ මැණික් ව්‍යාපාරික ක්ෂේත්‍රය පිළිබද අධ්‍යාපනයේ නූතන පරම්පරාවේ ප්‍රමුඛතම ආයතනය වන්නේ Gemcraft Learning Center (GLC) ආයතනයයි. සියළුම දේශන සහ අධ්‍යයන කටයුතු වල මෙන්ම ප්‍රායෝගික දැනුම ලබාදීමේදී ද උසස් තත්ත්වයක් පවත්වා ගෙන යන මෙම ආයතනය එක්දින මැණික් වැඩමුළු, ප්‍රායෝගික මැණික් පාඨමාලා, ගෙවුඩ තාප පිරියම් කිරීමේ පාඨමාලා, මැණික් කැපීමේ හා ඔපදැමීමේ පාඨමාලා, මැණික් අලෙවිකරණය හා අපනයනය කිරීමේ පාඨමාලා, දින 05ක නේවාසික පාඨමාලා, VIP මැණික් පාඨමාලා මෙන්ම GLC සිසුන් වෙත නොමිලේ ලබාදෙන Online Spoken English පාඨමාලාවන්ද මෙහෙය වනු ලබයි. එක් එක් පාඨමාලා අවසානයේ ප්‍රායෝගික වෙළදපොල ජයගන්නට ඔබව පුහුණු කරන්නට කටයුතු කරන්නෙමු. එමෙන්ම සෑම පාඨමාලාවක් අවසානයේදී වටිනා සහතිකපතක්ද ඔබට ලබාදෙන්නෙමු.
කෙටි කාලයක් තුල හොද ආර්ථික ස්ථාවරයක් අතිකරගැනීමට හැකියාව ඇතුවා මෙන්ම ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන ඒමට වැඩි දායකත්වයක් සැපයිය හැකි මැණික් ක්ෂේත්‍රයට, ආධුනිකයන්ට මෙන්ම දැනුම අඩු අයට නිසි දැනුම ලබාදී ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් කරවීමේ මූලික අරමුණ පදනම් කරගෙන Gemcraft Learning Center (GLC) ආයතනය දිවයින පුරා සිය පියාපත් විහිදුවා ඇත. මේ වන විටත් අප අවිස්සාවේල්ල, මහරගම, මහනුවර, ගම්පහ හා ඇඹිලිපිටිය යන නගර වල සක්‍රීයව ක්‍රියාත්මක වේ.
ආයතනය ආරම්භයේ සිට ඉතා කෙටි කාලයක් තුල ලංකාවේ වැඩිම සිසු පිරිසක් සහභාගී වන මැණික් පාඨමාලාව බවට පත් වුණු අප ඉදිරියටත් තව තවත් පාඨමාලාවේ ගුණාත්මකභාවය මෙන්ම ඔබට ලබාදෙන පහසුකම් වැඩිදියුණු කරමින් සිසු ඔබ සැම මැණික් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිරීමට ඇප කැප වන්නෙමු.
Meet Our Leaders
සියලු සුදුසුකම් වලින් සපිරි අප ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හා දේශකවරුන්

Nimantha Kumarage
Attorney-at-Law
Director
+94 70 295 9069
+94 72 170 6616

Prabodha Ariyarathna
B.Tech (Hons) in Civil Eng.
Director
+94 75 127 3257
+94 71 684 1757